අගමැතිනි හරිනි අමරසූරියගේ ඉන්දීය නිල සංචාරය
අගමැතිනි හරිනි අමරසූරිය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය, ඇයගේ විවාහක අවිවාහක භාවය ඔස්සේ ඇයව හැඟවුම් කරනා “මෙනෙවිය” යන්න යොදාගැනීම කෙතරම් යෝග්‍ය ද යන්න අපි මින් පෙර කිහිප වරක්ම සංවාදයට බඳුන් කොට ඇත.
කෙසේ නමුත්, ඇතැම් මාධ්‍ය නැවත නැවතත් අග්‍රාමාත්‍යවරිය හැඳින්වීමට “මෙනෙවිය” යන්න යොදාගන්නා බව නිරීක්ෂණය කළ හැක.
මෙහිදී අප අසන්නේ අගමැතිනිය හෝ වෙනත් ඕනෑම කාන්තාවක් ඔවුන්ගේ විවාහක අවිවාහක භාවය ඔස්සේ ඔවුන්ව නිර්වචනය නොවනා, වෘත්තිය හෝ නිල යෙදුමකින් හැඟවුම්කරණය වන මාධ්‍ය භාවිතයක් වෙත අප යොමු නොවිය යුතු ද යන්නයි.
කාන්තාවන්ගේ පමණක් විවාහක අවිවාහක බව පෙන්නුම් කරනා භාවිතයන්ගෙන් බැහැර වෙමු!


0 Comments