Ethics Eye

පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කිරීම ප්‍රශංසනීයයි!


ආබාධ සහිත වූවන් හැඳින්වීමේදී පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිත කිරීම ප්‍රශංසනීයයි!

පොදුවේ යම් කිසි තාවකාලික හෝ දීර්ඝකාලීන හෝ ස්ථිර ආබාධයක්/ආබාධයන් සහිතව ජීවත් වන සැමදෙනෙකුටම සමාජය තුළ ගර්හාවකට හෝ කොන් කිරීමකට ලක් නොවී ජීවත් වීමේ ප්‍රවේශයක් ඇති කිරීම සමාජ අවශ්‍යතාවයක් නොවේද, එහිදී ඔවුන්ව හඳුන්වන භාෂාවද වැදගත් තැනක් නොගන්නේද යන පැනයන්, Ethics Eye අපි බොහෝ විට මාධ්‍ය වෙතින් මෙන්ම පාඨක ඔබෙන්ද අසමු.

ආබාධ සහිතව ජීවත් වන අය හඳුන්වන භාෂාව සම්බන්ධයෙන් ගත් විට, ඒ සදහා පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity-first language) භාවිත කිරීම වඩාත් යෝග්‍ය නොවන්නේදැයි විමසා බැලිය හැක.

Person-first language නැතිනම් ‘පුද්ගලයා පළමු වන භාෂාව’ යන්නෙහි අදහස වන්නේ ඒ ඔස්සේ ආබාධ සහිත වූවන් හැඳින්වීමේදී, පුද්ගලයා පළමුව පැමිණෙන බවත්, ඔහුගේ ආබාධ දෙවන තැන ගන්නා බවත් වේ.

“ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් කළුතර ප්‍රදේශයේදී දිස්ත්‍රික් මට්ටමින් ලබාගැනීමේ පුවතක් ඉදිරිපත් කරන දිණමින පුවත්පත (ජනවාරි 20, 2026) විසින්, පුවත් සිරස්තලයේ සහ අන්තර්ගතයේ “ආබාධ සහිත තැනැත්තන්” යනුවෙන් පුද්ගල-ප්‍රථම භාෂාවක් යොදාගනිමින් අදාළ හැඳින්වීම සිදුකරයි.

මෙය සැබවින්ම ප්‍රශංසනීයව අගය කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This