Ethics Eye

පුවත: මෑතකදී මෙරට සංචාරයක නිරත වූ විදේශීය කාන්තාවකට සිදු වූ ලිංගික හිරිහැරයක් (2026 පෙබරවාරි 26 දින)

වාර්තාකරණය: “සුදු අක්කාගේ හිරිඔතප් බිඳපු තරුණයාට වැඩ වරදියි”

ගැටලුව: සිදු වූ ලිංගික අතවරයක් සැහැල්ලු කොට ඉදිරිපත් කිරීම.

එයින් සිදුවිය හැකි හානිය: ලිංගික ප්‍රචණ්ඩත්වය උපහාසාත්මක ලෙස වාර්තා කිරීමෙන්, එවැනි අපරාධ කෙරෙහි සමාජය තුළ පැවතිය යුතු සංවේදීතාව සහ විරෝධය ගිලිහී යා හැක. ඒ හරහා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය විය හැක.

ලිංගික අතවරයක් යනු දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් මෙම සිරස්තලය තුළින් එම ක්‍රියාවේ ඇති සාපරාධී බව පාඨකයාට නිසි ලෙස සන්නිවේදනය වන්නේ යැයි ඔබ සිතන්නේ ද?

මෙය අපගේ අවධානයට යොමු කළ Ethics Eye පාඨකයාට අපගේ ස්තුතිය!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This