ලිංගික අපරාධ සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!
ලිංගික ප්රචණ්ඩත්වය සහ ලිංගික අපරාධ සම්බන්ධ වාර්තාකරණයේදී සැළකිල්ලට ගත යුතු වැදගත් නිර්දේශයක් වන්නේ කුමක්ද?
ලිංගික අපරාධය සිදු වූ ආකාරය දීර්ඝ වශයෙන් විස්තර නොකීරීම.
මෙමඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
ලිංගික ප්රචණ්ඩත්වයට මුහුණ දුන් අයෙකු නැවත කම්පනයට පත්වීමට ඇති අවදානම වළක්වා ගැනීම මෙන්ම එම පුද්ගලයාව නැවත පීඩනයට ලක් කිරීම වලක්වා ගැනීම.
ඒ අනුව, පාසල් සිසුවියක් ඇයගේ ගුරුවරිය සහ සැමියා එක්ව ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වරදට සිර දඬුවම් නියම වීමේ පුවතක් අද දින (ජුනි. 05, 2025) දිවයින, මව්බිම හා දිනමිණ පුවත්පත් තුළ වාර්තා කර තිබිණි.
මෙහිදී, සිදු කළ ලිංගික අපරාධය දීර්ඝ ලෙස විස්තර කර නොතිබුණේ දිනමිණ පුවත්පත පමණි.
ලිංගික අපරාධ සම්බන්ධ පුවත් වගකීමෙන් වාර්තා කරමු!
මූලාශ්ර:
https://www.ipso.co.uk/…/MCF-Media-Guidance-resource…
https://www.inspq.qc.ca/…/sexual…/media/best-practices
https://www.academia.edu/…/Reporting_on_Rape_and_Sexual…
https://www.endviolenceagainstwomen.org.uk/…/FINAL…


0 Comments