Ethics Eye

වාර්තාකරණයේදී AIDS සහ HIV පටලවා නොගනිමු!

UNAIDS වාර්තාවලට අනුව, 2025 වසරේදී නව HIV ආසාදන ඉහළ ගිය රටවල් 21 අතරට ශ්‍රී ලංකාව ද අයත් වේ. එහෙත් මේ පිළිබඳව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ‘HIV’ සහ ‘AIDS’ යන්න පටලවාගනිමින්.

AIDS සහ HIV අතර පැහැදිලි වෙනසක් ඇත:

HIV (Human Immunodeficiency Virus): යනු මිනිස් සිරුරට ආසාදනය වන මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයි.

AIDS (Acquired Immune Deficiency Syndrome): යනු එම වෛරසය මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දරුණු ලෙස දුර්වල කිරීම හේතුවෙන් අවසානයේ ඇතිවන රෝගී තත්ත්වයයි.

HIV ආසාදිත සෑම පුද්ගලයෙකුටම AIDS නොමැත. නිවැරදි නොවන වාර්තාකරණයන් හරහා සමාජය තුළ වැරදි වැටහීම් නිර්මාණය විය හැකි අතර, එය HIV මර්දන කටයුතුවලට ද දැඩි බාධාවක් විය හැක.

නිවැරදිව වාර්තා කරමු. අවබෝධය ගොඩනඟමු.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This