Ethics Eye

“සුරූපී” අවශ්‍ය ද?

එකම පුවතක්, වාර්තාකරණ දෙකක්: ‘සුරූපී’ බව අදාළද?

2025.10.23 දින, දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන දෙකක් එකම සිදුවීමක් වාර්තා කළේ මෙලෙසිනි: දිනමිණ : ව්‍යාජ නිරූපණ රැකියාවක් සඳහා තායිලන්තයට ගෙන්වා ගත් ‘සුරූපී’ බෙලරුසියානු නිරූපණ ශිල්පිනියක්, ශරීර අවයව ගැනීම සඳහා ඝාතනය කර ඇත.

Daily Mail: A Belarusian model, lured to Thailand for a fake modelling job, was allegedly murdered for her organs.

මෙම අපරාධයට ගොදුරු වූ කාන්තාව ‘සුරූපී’ ලෙස විශේෂණය කිරීම ගැටලුකාරී වන්නේ ඇයි?

අදාළත්වය කුමක්ද?: මෙම ‘සුරූපී’ යන වචනය, සිදුවීමේ බරපතලකමට, පුවතේ මූලික අන්තර්ගතයට (අපරාධයට) අදාල වන්නේද?

අනවශ්‍ය ඉස්මතු කිරීමක්ද?: ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවියක් වන Daily Mail, මෙම පුවත වාර්තා කිරීමේදී ඇයගේ පෙනුම ගැන කිසිඳු සඳහනක් නොකරයි. එමගින් පුවතේ ප්‍රධාන කරුණට – එනම්, ව්‍යාජ රැකියාවක් මුවාවෙන් සිදුවූ ඝාතනය සහ අවයව ජාවාරම යන අපරාධයට – කිසිඳු බලපෑමක් සිදුවී තිබේද?

එය වගකීම්සහගත සහ ආචාරධාර්මික මාධ්‍ය භාවිතයක් ලෙස සැලකිය හැකිද?

වගකීම්සහගත වාර්තාකරණයක නියැලෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This