ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවන සිරකරු හුවමාරුව යටතේ, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම, හිරු මාධ්‍ය ජාලයේ හිරු නිව්ස් වෙබ් අඩවිය සහ, හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කරන්නේ මෙලෙසිනි. * හිරු නිව්ස් වෙබ් අඩවිය...
Media Ethics
වාර්ගිකත්වය අදාළ ද? අවශ්‍ය ද?
කප්පම් ඉල්ලු බවට සැක පිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් සම්බන්ධයෙන් වාර්තා කරන දිනමිණ පුවතක අන්තර්ගතයේ, සැකකාරිය "ද්‍රවිඩ" යැයි දක්වා තිබේ.වාර්ගිකත්වය පුවත් වාර්තාවන් තුළ සඳහන් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මාර්ගෝපදේශයන් පවසන්නේ, යම් පුවතකට සෘජුව අදාල නොවන්නේ නම්, පුද්ගලයකුගේ...
“පිරිමින්ගේ හොර වැඩ ඇල්ලීම කාන්තාවන්ගේ සහජ හැකියාව”?
ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ඒකාකෘතික කිරීම් තවමත් සමාජය තුළ මෙන්ම මාධ්‍ය තුළ ද දක්නට ලැබෙනා කරුණකි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරිය ලෙසින් ඉමේෂා මුතුමාල පත් කිරීම සම්බන්ධයෙන් සති අග අරුණ (දෙසැ. 08, 2024) මෙම පුවත් වාර්තාව ඊට නිදසුනකි.මෙම පුවත තුළ, පහත...
ලිංගික අතවර හා කාටූන
පුත්තලම නොරොච්චෝල පොලිසියේ කාන්තා පොලිස් බැරැක්කය තුළ දී කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවරයක් කිරීමට ගිය බව කියවෙන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනුණු සිදුවීම, සිංහල භාෂා පුවත් වාර්තාවන් කිහිපයක් (ජන. 03, 2025) තුළ පහත ආකාරයට ආවරණය වී තිබිණි. * ලංකාදීප සහ...
ලිංගික අපරාධ සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී “දූෂණය” හෝ “කෙලෙසීම” වෙනුවට “අපයෝජනය” යන්න වඩා සුදුසු යැයි ඔබ නොසිතන්නේද?
තණමල්විල නගරයේ පාසලක 11 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක්, සිසුන් පිරිසක් විසින් වරින් වර සමූහ වශයෙන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් පුළුල්ව සිංහල භාෂා පුවත්පත් තුළ ආවරණය වී තිබිණි.
එහිදී, ඇතැම් පුවත් වාර්තාවන් තුළ එම සිසුවිය “දූෂණයට” ලක් වූ බව සඳහන්ව තිබූ අතර, තවත් පුවත් සිරස්තල තුළ එම සිසුවිය “අපයෝජනයට” ලක් වූයේ යැයි සඳහන්ව තිබිණි.
“කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව සෘණාත්මකව ලේබල් කිරීම.
මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ද සමාජයේම කොටස් වෙයි. ඔවුන් පිළිබඳව සමාජය තුළ කොන් කිරීමේ සහ ගර්හාවේ ආකල්ප වැඩි දියුණු කිරීමට “කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ ඔවුන්ව සෘණාත්මකව ලේබල් කිරීම හේතු නොවන්නේ ද?
ඇයි “රූමත්”?
ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ ඡායාරූපය යොදා, ඇය ලිංගික ශ්‍රමිකයෙකු ලෙසින් හඳුන්වමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වා ගෙන ගිය අයෙකු අත්අඩංගුවට පත්වීමේ පුවත ලංකාදීප සහ දිනමිණ (අගෝ. 08, 2024) පුවත්පත් තුළ වාර්තා වී ඇති ආකාරය.
No butterflies or eunuchs
An incident involving transgender persons was covered in contrasting ways by Dinamina and Divaina.
Which newspaper reported it ethically?
ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවත – රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය
ජූලි 02, 2024 දින රාත්‍රියේ පහළොස් හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය යෑමේ පුවතට මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ප්‍රමුඛ අවධානයක් හිමි වී තිබිණි. මෙහිදී මෙම මරණයන් දිවි තොර කර ගැනීමක්ද නැතිද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුවන බව ඇතැම් මාධ්‍ය දක්වා තිබූ අතර, තවත් මාධ්‍ය මෙය දිවි තොර කරගැනීමක්ය යන කෝණයෙන් වාර්තා කොට තිබිණි.
ඇතැම් මාධ්‍ය මෙම මරණයන් පිළිබඳව වාර්තා කිරීමේ තිබූ මාධ්‍ය ආචාර ධාර්මික ගැටළුකාරීත්වය පිළිබඳවද බොහෝ දෙනෙකු අදහස් පළ කොට තිබිණි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝව රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද?
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඝාතන සිදුවීමේ සැකකරුවෙකු බවට පැවසෙන, ඝාතනය සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, ඔහු ඝාතනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පාපොච්චාරණයක් සිදු කරන වීඩියෝවක් ඇතැම් මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් ඉහළ අවධානයක් දිනාගෙන තිබිණි.
මෙහිදී බොහෝ දෙනෙකු විමසා තිබුණේ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළ පාපොච්චාරණයක් මෙසේ රූගත කොට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් බෙදාහැරීම කෙතරම් නිත්‍යනුකූල ද, කෙතරම් ආචාර ධාර්මික ද යන්නයි.










