Media Ethics
ඇගේ ඡායාරූපය අවශ්‍යද?
රත්නපුර ඇලපාත ප්රදේශයේ සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමට තැත් කිරීම මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. මෙය වාර්තා කළ මාධ්‍ය තුළ, ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරය, අපි මින් පෙරද පෙන්වා දී...
සමය වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව කොන් නොකරමු!
සංචාරක කර්මාන්තය යනු ශ්රී ලංකාවේ ප්රධානතම ආදායම් ඉපයීමේ මාර්ගයන්ගෙන් එකකි. එම පසුතලය තුළදී, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සමය වර්ණය පදනම් කර ගනිමින් කොන් කිරීමට ලක් කිරීමේ ආකල්පයක් සමාජය තුළ මුල් බැස නොගැනීම වැදගත් වේ. එහිදී විදෙස් සංචාරකයින් හැඳින්වීමට මාධ්‍ය...
වරද බාලවයස් දරියගේද? තරුණයාගෙද?
ඔක්කම්පිටිය පොලිස් වසමේ පහළගම ප්රදේශයේ බාලවයස් දැරියක් නීත්යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ තරුණයෙකු පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇරඹුණු බවට පුවතක්, දිවයින සහ දිනමිණ පුවත්පත් (ජන. 24, 2025) තුළ දක්නට ලැබිණි. * දිවයින සිරස්තලය - "කනේ අමාරුවක් බව පවසා නිවසේ සිටි දැරිය මව එන...
‘සුද්දා’ නවත්වමු!
පුවත - රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය ගෙන ආ විදේශිකයෙකු ගුවන් තොටුපොළැ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනී ඇත. ජනවාරි 22, 2025 මව්බිම සහ දිනමිණ මෙය වාර්තා කරයි. * මව්බිම සිරස්තලය - ""හෂීෂ්" සහ "කුෂ්" ගෙනා සුද්දා කටුනායකදී කොටු"* දිනමිණ...
‘ජාවාරමා’ මාධ්යයට උචිතද?
මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කර තිබූ පුවත්පත් තුනක පුවත් වාර්තාවන් හතරක් දැක්වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. * පුවත් හතරේම සිරස්තල තුළ "ජාවාරමා", "ජාවාරමෙක්" යනුවෙන් සඳහන් වේ. * දිනමිණ සහ ලංකාදීප පුවත් අන්තර්ගතයන් හි "සැකකරුවකු", "ජාවාරම්කරුවකු" ලෙසින් සඳහන් වන...
එකම පුවතක්,එකම පිටුවක්,එකම ලේබල් කිරීමක් !
යම් වරදක් සඳහා ගුරු වෘත්තියෙහි නියැළෙන්නෙකු සම්බන්ධ වූ විට, එවැනි පුවතක් වාර්තා කිරීමේදී, ඇතැම් පුවත්පත් බොහෝ විට "ගුරා" යන යෙදුම භාවිතා කරනු දැකිය හැක. අප මින් පෙරද විමසා ඇති ආකාරයට, සැකකාර අය හෝ වරදකරුවා ගුරුවරයෙකු නම්, එම තැනැත්තාව "ගුරුවරයා"/"ගුරුවරිය" ලෙසින්...
සමාජ ගැටලුවක්,ලිපියක් සහ කාටූනයක්
"හනිමූන් ගිය සුද්දා හොරෙන්ම මාරු වෙලා, රට පනින්න සුද්දෝ බඳින්නේ පරිස්සමෙන්" යන සිරස්තලයෙන් යුතුව සති අග අරුණ පුවත්පතේ (ජනවාරි 19, 2025) පළ වී ඇති ලිපියකි. මෙම ලිපිය තුළ කාටූනයක් ද පළ වී තිබිණි. වෙනත් රටකට යෑමේ අරමුණින් ඇතැමුන් විදේශිකයින්ව විවාහ කර ගැනීමත්, කුමන හෝ...
මාට්ටු ද? අත්අඩංගුද?
යම් වැරදි සඳහා සැකකරුවන්ව අත්අඩංගුවට පත් වූ අවස්ථාවන් කිහිපයක්, ලංකාදීප, දිනමිණ, සහ මව්බිම පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයන් මෙසේ දැක්විය හැක. විවිධ පුවත් සිරස්තල තුළ, එම අත්අඩංගුවට ගැනීම්, "මාට්ටු" යනුවෙනුත්, "අත්අඩංගුවට" යනුවෙනුත් දැක්වී තිබිණි. ඔබ තෝරා ගන්නා සිරස්තලය...
මරණයක් හැඟීම් කළඹවන සුළු ලෙසින් වාර්තා කිරීම අවශ්‍යද?
සංවේදී සිදුවීමක් - විශේෂයෙන්ම කුඩා දරුවෙකුගේ මරණයක් වැනි අවස්ථාවක් - වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ. මෙසේ හැඟීම් කළඹවන සුළු ආකාරයෙන් පුවත් වාර්තා කිරීමේ ඇති ගැටළුව වන්නේ, එයින් සිදුවීමක් දෙස අපක්ෂපාතී අයුරින්...










