අත්අඩංගුවට පත්වූයේ “රූමතියක්” ද? “තරුණියක්” ද?
කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්දයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වූ පුවතක් 2025.11.10 වන දින ලංකාදීප සහ අරුණ පුවත්පත් වල පළ වූයේ පහත ආකාරයටය.
මෙවැනි සිදුවීමක් වාර්තා කිරීමේදී, “රූමත්”, “රුවැති” හෝ “රූමතියන්” යනුවෙන් හැඳින්වීමේ අදාළත්වය සහ අවශ්‍යතාව පිළිබඳව බරපතල ගැටලු පැන නගී.
මෙම ප්‍රවෘත්තියේ හරයාත්මක වටිනාකම රැඳී ඇත්තේ අත්අඩංගුවට පත් පුද්ගලයින්ගේ ශාරීරික පෙනුම මත නොව, ඒ හා බැඳුණු සමාජ-නීතිමය ගැටලු මතය.
“රූමත්/සුරූපි” යන්න යෙදූ සැනින්, පාඨක අවධානය පුවතේ ගැඹුරු කරුණු වලින් ඉවත් වී, ඒ වෙනුවට එය හුදෙක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන තොරතුරක් බවට පත් විය හැක.
එසේම මෙවැනි වාර්තාකරණයන් මගින් පුවතේ අන්තර්ගත සිදුවීමට අනවශ්‍ය වර්ණ ගැන්වීමක් එක් කරයි.
වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!


0 Comments