Ethics Eye

ආදරය පෙන්වීමක් ද? අපහරණයක් ද?

මාධ්‍ය වාර්තාකරණයේ මූලිකම සදාචාරාත්මක මූලධර්මය වන්නේ “හානිය අවම කිරීම” යි.

ලිංගික අපරාධයන්/අතවරයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින් සහ අසංවේදී ලෙස වාර්තා කිරීම තුලින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයිනි. එමෙන්ම, එවැනි වාර්තාකරණයන් හරහා එවැනි කම්පනකාරී සිදුවීමට මුහුණ දුන් අයට එම සිදුවීම නැවත නැවතත් සිහිපත් කිරීමට බල කිරීමක් සිදු විය හැක. මෙය නැවත කම්පනයට පත් කිරීම (re-traumatisation) ලෙස හැඳින්වෙන අතර, එය ඔවුන්ගේ මානසික සුවවීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බාධා කරයි.

නිදසුනක් ලෙසට, බිබිල බස් නැවතුම් පොළේදී බීමත්ව සිටි පොලිස් නිලධාරියෙක් බාලවයස් දැරියක්ව බලහත්කාරයෙන් සිප වැළඳ අපහරණය කිරීමේ පුවත එකම මාධ්‍ය ආයතනයකින් නිකුත් කෙරෙන Daily Mirror සහ ලංකාදීප පුවත්පත් (13/10/2025) වාර්තා කර ඇති අන්දම සළකා බැලිය හැක.

ඔබ සිතන ලෙසට,

1) Daily Mirror පුවත්පතේ සඳහන් සිරස්තලයට අනුව අපහරණයක් “Expressing His Love/ඔහුගේ ආදරය පෙන්වීම” යනුවෙන් සඳහන් කිරීම මඟින් එම වරද අසංවේදී ආකාරයෙන් සහ සැහැල්ලු කොට වාර්තා කිරීමක් නොකරන්නේද?

2) ලිංගික අපයෝජනයන් පිළිබඳව මෙවැනි වාර්තාකරණයන් හරහා සාමාන්‍යකරණය වීමට අනුබලයක් නොවේ යයි අපට සහතික වීමට හැකිද?

ලිංගික අපයෝජන සංවේදීව සහ වගකීමෙන් වාර්තා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This