Ethics Eye

ඔබ මෙම වාර්තාකරණය අනුමත කරනවාද?

*සිදුවීම සැකෙවින්: තේ කඩයක් පවත්වාගෙන ගිය කාන්තාවකගේ දණහිස් වල ඇති වූ කැසීමකට පිළියම් යොදන මුවාවෙන් පුද්ගලයෙකු ඇයව ලිංගික අතවරයට ලක් කර ඇති අතර, ඇය ඔහුව පසෙකට තල්ලු කිරීමේදී ඔහු ලිප මත වැටී තුවාල ලබා ඇත.

ලිංගික අතවරයක් වැනි සංවේදී සිදුවීමක් වාර්තා කිරීමේදී හාස්‍යය හෝ උපහාසාත්මක ස්වරූපයක් (Satire) භාවිත කිරීමෙන් අපරාධයේ බරපතලකම ක්ෂය වී යා හැකිය. එවැනි ප්‍රවේශයක් මඟින් සිදුවීම හුදු රසකතාවක් ලෙස නිරූපණය වන අතර, එයඅතවරයට පත් පුද්ගලයාගේ ගෞරවයට මෙන්ම මාධ්‍ය සදාචාරයටද බලපෑම් කරයි.

මෙම වාර්තාකරණයේ නිරීක්ෂණය කළ හැකි ප්‍රධාන ගැටලු දෙකක් පහතින් දැක්වේ:

1. සිදුවීම “භාවාතිශකරණය” කර තිබීම (Sensationalism)
අතවරයට පත් කාන්තාව මුහුණ දුන් අපරාධය වාර්තා කර තිබුණේ මෙලෙසිනි:
“…තහනම් ඉසව්වක් අසලද ඔහුගේ දෑත් ඉතා යුහුසුළුව හසුරුවමින් කසන්නට පටන් ගත්තේය.”

* නිරීක්ෂණය: මෙවැනි වචන භාවිතය අපරාධයක් “රසවිඳිය හැකි” කතාවක් බවට පත් කරන අතර, එය අතවරයට පත් පුද්ගලයා තවදුරටත් පීඩාවට පත් කිරීමට (Re-traumatisation) හේතු වේ.

2. අතවරයට පත් පුද්ගලයාගේ පෙනුම අනවශ්‍ය ලෙස හුවා දැක්වීම
අතවරයට පත් පුද්ගලයා “රූමත්”” ලෙස හැඳින්වීම.

*නිරීක්ෂණය: ලිංගික අතවරයක් වාර්තා කිරීමේදී එයට මුහුණ දුන් අයගේ පෙනුම ගැන සඳහන් කිරීම තුළින්, සිදුවීමට ඒ අයගේ රූපය බලපෑම් කළ බවට වන වැරදි සමාජ මතයක් (Victim Blaming) වක්‍රව නිර්මාණය විය හැකිය.

වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This