Ethics Eye

ගැටලුව: යම් වෘත්තියක නියැලී සිටින කාන්තාවන් සමඟ සම්මුඛ සාකච්ඡා වලදී ඔවුන්ගෙන් විවාහය, දරුවන් රැකබලා ගැනීම, රැකියාවක නිරත වීමට ඇති “අවසරය” හෝ විවිධ භූමිකාවන් “සමබරව” පවත්වා ගැනීම වැනි කරුණු පිළිබඳ ප්‍රශ්න විමසීම මාධ්‍ය තුළ බහුලව දක්නට ලැබේ.

බලපෑම: මෙහිදී වෘත්තීය විශ්වසනීයත්වය වෙත යොමු විය යුතු පාඨක අවධානය, පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතය දෙසට යොමු විය හැකිය. රැකියාවක නියුතු කාන්තාවකට ලැබෙන පිළිගැනීම පෞද්ගලික ජීවිතයේ කරුණු මත රඳා පවතින්නක් යන වැරදි මතය ද සමාජය තුළ යළි තහවුරු විය හැකිය.

විසඳුම: මෙවැනිම සම්මුඛ සාකච්ඡාවකදී, එම භූමිකාවම දරන පිරිමියෙකුගෙන් වුවද ඔබ එම ප්‍රශ්නයම විමසන්නේදැයි සිතා බලන්න. එසේ නොවේ නම්, එම ප්‍රශ්නය එම අවස්ථාවට අදාළ නොවිය හැකියි.

එබැවින්, සැමවිටම මධ්‍යස්ථ ප්‍රවේශයක් අනුගමනය කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This