ගැටලුව: වාර්තාකරණය A හි දැක්වෙන ආකාරයට ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී, බොහෝ විට සිංහල මාධ්‍ය “දූෂණය” සහ “කෙලෙසීම” වැනි වචන භාවිතා කිරීම. එමඟින් අපරාධයට මුහුණ දුන් පුද්ගලයා “අපවිත්‍ර වී ඇති” හෝ “නම්බුව නැති කර ගත්” හෝ සිදුවූ දෙයට යම් ආකාරයකින් වගකිව යුතු බව හෝ හඟවනු ලැබේ.
බලපෑම: මෙම යෙදුම් තුළ සමාජ අපවාදය ගැබ්ව ඇති අතර, එමගින් අවධානය වැරදිකරුගේ අපරාධකාරී සහ සදාචාර විරෝධී ක්‍රියාවෙන් ඉවතට යොමු කරවිය හැක.
විසඳුම: දණ්ඩ නීති සංග්‍රහය තුළ ලංගික අපරාධය (Rape) හැඳින්වීම සඳහා “ස්ත්‍රී දූෂණය” යන වචනය භාවිතා කළ ද,පුවත් වාර්තාකරණයේදී එවැනි යල්පැන ගිය යෙදුම් නැවත නැවත භාවිතා කිරීමට අවශ්‍ය නොවේ. අපරාධයට මුහුණ දුන් පුද්ගලයා කෙරෙහි ලැජ්ජාව හෝ සමාජ අපවාදය වර්ධනය නොවන පරිදි, අදාළ අපරාධය පැහැදිලිව සහ නිවැරදිව විස්තර කරන යෙදුම් භාවිතා කිරීම මෙහිදී අනුගමනය කළ යුතු වෘත්තීමය ප්‍රවේශය නොවේද?


0 Comments