දිවි තොර කර ගැනීම් පිළිබඳ පුවත් වගකීම් සහගතව වාර්තා කරමු!
පසුගියදා වාර්තා වුණු දිවි තොර කරගැනීමේ පුවතක් 2025.11.07 දින අරුණ, දිනමිණ, සහ මව්බිම පුවත්පත්වල වාර්තා වූයේ පහත ආකාරයටය.
දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී පිළිපැදිය යුතු අචාරධර්ම හා මාර්ගෝපදේශ පිළිබඳ අප මීට පෙර බොහෝ අවස්ථා වල අවධානය යොමු කර ඇත. මෙම පුවත වාර්තා කිරීමේදී, පුවත්පත් තුනටම අදාල පොදු ගැටලු කිහිපයක් නිරීක්ෂණය කළ හැක.
සියදිවි හානිකරගත් බව සිරස්තලයේ වාර්තා කර තිබීම: දිවි තොර කර ගැනීම් පිළිබඳ වාර්තා කිරීමේදී, “දිවි තොර කර ගැනීමක්” බව සිරස්තලයේ සඳහන් නොකළ යුතුය. මෙයට හේතුව වන්නේ එයින් එම සිදුවීමට අනවශ්‍ය අවධානයක් ලබා දිය හැකි බැවිනි. මෙයින් දිවි තොර කර ගැනීමට පෙළඹවීමක් ඇති පුද්ගලයෙකු එම ක්‍රියාව අනුකරණය කිරීමේ අවදානමක් ඇති හෙයිනි.
දිවි තොර කර ගැනීමට හේතුව සරල කර දැක්වීම: දිවි තොර කර ගැනීමට පෙළඹෙන්නේ ඉතා බරපතල මානසික වේදනාවෙන් සහ පීඩනයකින් සිටින පුද්ගලයන්ය. එය සිද්ධි සමුදායක් ප්‍රතිඵලයක් නිසා ඇති වන්නකි.
උපකාරක අංක පළ නොකිරීම: දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී උපකාරක අංක පළ කිරීම වැදගත් වන්නේ යම් මානසික පීඩනයකින් හෝ සියදිවි නසාගැනීමේ පෙළඹවීමකින් සිටින ඕනෑම අයෙකුට එම උපකාරක අංක භාවිතයෙන් සහනයක් සහ වෘත්තීය උපදෙස් ලබා ගැනීමට හැකි වීම හරහා ජීවිත ආරක්ෂා කිරීමට එය රුකුළක් විය හැකි නිසාය.
මීට අමතරව, දිනමිණ සහ මව්බිම පුවත්පත්වල දිවි තොර කර ගත් පුද්ගලයා විසින් ලියූ යැයි කියූ ලිපියක් (Suicide Note) ද උපුටා ඇත. මෙම ලිපි මෙසේ ප්‍රසිද්ධ කිරීමෙන් මියගිය පුද්ගලයාගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතමයින්ගේ පෞද්ගලිකත්වයට හානියක් සිදු විය හැක.
මානසික සෞඛ්‍ය වෘත්තිකයන් සහ පිළිගත් මාධ්‍ය ආචාරධර්ම පද්ධති විසින් ලබා දී ඇති මෙම මාර්ගෝපදේශ නොසලකා හැරීම මගින්, සමාජය තුළ තවත් සියදිවි නසාගැනීම් සඳහා අනුබල දීමක් සිදු නොවේද?
සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත් වගකීම් සහගතව වාර්තා කරමු!


0 Comments