Ethics Eye

නොහොබිනා වැඩ වෙනුවට ලිංගික අපයෝජනය

පාසල් සිසුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් මොරටුව පාසලක ගුරුවරයෙක් සහ එම අපරාධය පිළිබඳ තොරතුරු සඟවා සිටී එම පාසලේ විදුහල්පතිවරයා නොවැම්බර් 17 වන දින මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය පළ කර ඇත.

මෙම පුවත 2025.11.19 දින දිනමිණ සහ අරුණ පුවත්පත් වාර්තා කර තිබුණේ පහත පරිදිය.

ලිංගික අපරාධ/අතවර වාර්තා කිරීමේදී මාධ්‍ය විසින් සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණක් වන්නේ, එම අපරාධවල නිසි බරපතලකම සන්නිවේදනය කිරීමයි.

එසේ නොකර, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීමෙන් හෝ අසංවේදී ලෙස වාර්තා කිරීමෙන්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය වීමේ ආකල්පයක් ඇතිවීමේ අවදානමක් පවතී.

එමෙන්ම, එවැනි වාර්තාකරණයන් හරහා වින්දිතයන්ට එම කම්පනකාරී සිදුවීම නැවත නැවතත් සිහිපත් කිරීමට බල කෙරෙනු ඇත. මෙය නැවත කම්පනයට පත් කිරීම (re-traumatisation) ලෙස හැඳින්වෙන අතර, එය ඔවුන්ගේ මානසික සුවවීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බාධා කරයි.

මෙවැනි ඉතා බරපතල වරදක් හැඳින්වීම සඳහා “නොහොබිනා වැඩක්” යනුවෙන් වාර්තා කිරීමෙන් එම වරදෙහි බරපතලකම අඩු කිරීමක් සිදු නොවන්නේද?

වගකීම් සහගත වාර්තාකරණයක යෙදෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This