Ethics Eye

සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

මේ වන විට ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි.

ඒ අනුව, යම් අයෙකු “ආබාධිත පුද්ගලයෙකු (A disabled person)” ලෙසින් හඳුන්වා නොදී, ඒ වෙනුවට එම අය “ආබාධ සහිත පුද්ගලයෙකු (A person with a disability)” ලෙසින් හැඳින්වීම වඩාත් යෝග්‍ය නොවේ දැයි අපට විමසිය හැක. එනම් මෙහි අදහස වන්නේ ඒ පුද්ගලයා පළමුව පැමිණෙන බවත්, ඔහුගේ ආබාධ දෙවන තැන ගන්නා බවත් වේ.

මේ ඔස්සේ බලාපොරොත්තු වන්නේ ආබාධ සහිතව ජීවත් වන අයව කොන් කිරීම, නැතිනම් ඔවුන්ව වෙනස් කොට සැලකීම වැළැක්වීමයි.

මෙම පසුතලය යටතේ, ආබාධ සහිත තැනැත්තන් පිළිබදව වූ පුවත් කිහිපයක් සැප්තැම්බර් 29,2025 දින අරුණ සහ දිනමිණ පුවත්පත් සිරස්තල වාර්තා කොට ඇති අන්දම සලකා බැලිය හැක.

අරුණ පුවත්පතේ සදහන් වූ එක් සිරස්තලයක් වන්නේ,

” විශේෂ දරුවන්ගේ සැහැල්ලු පාපන්දු තරග ශූරතාව චිත්‍රාලේන් පාසලට”

අනෙක් සිරස්තලය වන්නේ ,

“මනුෂ්‍යත්ව පදනමෙන් සිසුන්ට හා ආබාධිතයන්ට පරිත්‍යාග”

නමුත් දිනමිණ පුවත්පත ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට නිවැරදිව භාෂාව භාවිතා කර තිබුණි.

එනම්,

“ආබාධ සහිත දරුවන් සරසවිවලට බඳවා ගැනීමේ කෙටුම්පත උපකුලපතිවරුන්ට” ලෙසයි.

මෙම සිරස්තල ත්‍රිත්වයෙහි ඇති වෙනස හඳුනාගත හැකි වුවත්,මෙය භාෂාවේ ඇති සියුම් වෙනසක් පමණක් යැයි යමෙකුට තර්ක කළ හැකිය.

නමුත් ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ සමාජ ආකල්ප වෙනස් කිරීමෙහි ලා මෙම පුද්ගල-ප්‍රථම භාෂාවක් කෙතරම් වැදගත් වේදැයි පාඨක අප විමසිය යුතුයි.

ඒ අනුව, සැබවින්ම මෙම සියලූම පුවත් ධනාත්මක පුවත් වුවත්,

මෙහි “විශේෂ දරුවන්ගේ,ආබාධිතයන්ට”යන්න වෙනුවට “ආබාධ සහිත”,”විශේෂ අවශ්‍යතා සහිත” යනුවෙන් සඳහන් කිරීම වඩාත් යෝග්‍ය නොවන්නේද?

ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට සෑමවිටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This