Ethics Eye

අයිස්කාරයා මාට්ටු ද?

සැකකරු අත්අඩංගුවට ද?

අද අපි එක් පුවත් සිරස්තලයක් ඔස්සේ වගකීම් සහගත මාධ්‍ය හැසිරවීමට ප්‍රබලවම බලපෑම් කරන කරුණු ද්විත්වයක් පිළිබඳව සාකච්ඡා කරමු.

•ලංකාදීප(2025.09.22)

“ලක්ෂ 15ක රන්බඩු දේපළ ඉස්සූ අයිස්කාරයා මාට්ටු”

සමාජයේ සිටින මත්ද්‍රව්‍ය භාවිතා කරන කොටස් සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකරන ඇතැම් සෘණාත්මක ලේබල්කරණයන් ඔස්සේ සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන්, Ethics Eye මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු. උදාහරණ ලෙසට, “අයිස්කාරයා” වැනි ලේබල් ඔස්සේ, ඔවුන්ව සමාජය තුළ වඩ වඩාත් කොන් වීමත්, පුනරුත්ථාපනයෙන් පසුව හෝ නැවත සමාජයට එක් වීමට බාධා පැමිණීමත් සිදුවිය හැකි වේ.

ඒ අනුව,

1)සමාජය මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් කෙරෙහි දක්වන ගර්හාව සහ කොන් කිරීම, “අයිස්කාරයා” යන යෙදුම ඔස්සේ තවත් තීව්‍ර නොවන්නේ ද? එවැනි ලේබල් කිරීම් හේතුවෙන්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හට නිසි පුනරුත්ථාපනයකින් පසුව වුවද සමාජය හා එක් වීමට බාධා එල්ල නොවන්නේ ද?

2) ඒ වෙනුවට, “මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්”, “මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්” හෝ “සැකකරුවන්”වැනි යෙදුම් වඩාත් යෝග්‍ය නොවන්නේ ද?

එමෙන්ම,

▪

“මාට්ටු” යන වචනය අවිධිමත් භාවිතාවක් නොවන්නේද?

▪

ප්‍රවෘත්ති වාර්තාවකදී අපේක්ෂා කරන්නේ නිවැරදි, වගකිවයුතු සහ විශ්වසනීය තොරතුරු සැපයීමයි. “මාට්ටු” යන්නෙන් එවැනි තොරතුරු සැපයීමකට හානි සිදුවිය හැකි නොවේද?

▪

අපරාධ වාර්තාකරණයේදී පක්ෂග්‍රාහීත්වයෙන් තොරව කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පමණින් එම පුද්ගලයා වැරදිකරුවෙකු යැයි නිගමනය කිරීම සාධාරණ නැත. අධිකරණ ක්‍රියාවලියක් මගින් එම පුද්ගලයා වැරදිකරුවෙකු ලෙස තහවුරු වන තුරු නීතිය ඉදිරියේ “සැකකරුවෙකු” පමණි. “මාට්ටු” යන්න භාවිතය තුළින් පාඨකයා එම පුද්ගලයා පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණිය හැකි නොවන්නේද? මෙය අපක්ෂපාතී වාර්තාකරණයට කෙතරම් ගැළපෙන්නේද?

එසේනම්,

“මාට්ටු” වෙනුවට, “සැකකරු අත්අඩංගුවට ගෙන ඇත” හෝ “සැකකරු අත්අඩංගුවට පත්ව ඇත” යන්න වඩාත් සුදුසු නොවන්නේද?

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වඩාත් වගකීමෙන් සහ ප්‍රමිතියෙන් යුතුව භාෂාව හසුරුවමු.

#srilanka#news

See less

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This