Ethics Eye

“කැත වැඩක්” ද? “අතවරයක්”ද?

සිදුවීම : 2025 නොවැම්බර් මස 16 වන දින නවසීලන්ත කාන්තාවකට ලිංගික අතවරයක් කෙරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී.

අතවරයන් ගැන වාර්තා කිරීමේදීී, ඒවායේ නිසි බරපතලභාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීම වැදගත් වන්නේ ඇයි?

ඒ,එවැනි සිදුවීම් සමාජය තුළ සාමාන්‍යකරණයට ලක් වීමේ ආකල්පයක් ඇති කල හැකි බැවිනි. නිදසුනක් ලෙසට, නවසීලන්ත ජාතික සංචාරක කතකට සිදු වූ ලිංගික අතවර සිදුවීම දිවයින සහ අරුණ පුවත්පත් (නොවැම්බර් 17 සහ 18, 2025) වාර්තා කර ඇති ආකාරය සලකා බැලිය හැක.

ඔබ සිතන ලෙසට,

ලිංගික අතවරයක් “කැත වැඩක්” ලෙසින් සිරස්තල තුළ දැක්වීම, එම වරදෙහි නිසි බරපතල බව පෙන්නුම් කරන්නේද?

ලිංගික අතවරයක් පිළිබඳව මෙවැනි වාර්තාකරණයන්, ලිංගික අපරාධ සමාජය තුළ සාමාන්‍යකරණය වීමට අනුබල සැපයීමක් නොවේ යැයි අපට සහතික වීමට හැකිද?

එසේ නම් මින් වඩාත් සුදුසු වාර්තාකරණයන් ලෙස ඔබ තෝරාගන්නේ කුමක්ද?

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This