Ethics Eye

දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!

මේ දිනවල ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයත් සමඟ අප රට දැඩි පාරිසරික, ආර්ථික සහ සමාජීය අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී. මෙම ව්‍යසනකාරී තත්ත්වය සහ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පොදු ජනතාව තුළ දැඩි ආතතියක් සහ කම්පන සහගත තත්ත්වයක් (Trauma) නිර්මාණය වී තිබිය හැක. මෙවන් තීරණාත්මක මොහොතක රටේ මානසික සෞඛ්‍යය (Mental Health) සුරැකීම වෙනුවෙන් පෙනී සිටීම අන් කවරදාටත් වඩා වැදගත් වේ.

විශේෂයෙන්ම මෙවැනි පීඩනකාරී වටපිටාවක, සියදිවි නසාගැනීම් හෝ ඊට තැත් කිරීම් වාර්තා කිරීමේදී මාධ්‍ය සතු වගකීම අතිමහත්ය.

2025.12.09 පුවත්පත් වාර්තාකරණය.

2025.12.09 වන දින ‘දිනමිණ’ පුවත්පත විසින්, මීගොඩ ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවියක් දිවි තොර කරගැනීමේ සිදුවීම වාර්තාකරණය තුල ගැටලු දෙකක් හඳුනාගත හැක.
*අනුකාරක සියදිවි නසාගැනීම් (Copycat suicides) වලට උත්ප්‍රේරණයක්: අදාළ පුවත් මගින් දිවි තොර කරගැනීමට උත්සහ කළ පුද්ගලයා භාවිතා කළ ක්‍රමය වාර්තා කරනවිට මානසික පීඩනයකින් පෙළෙන වෙනත් පුද්ගලයින් එම ක්‍රමයම අනුගමනය කිරීමට (Imitation) පෙළඹවිය හැක.

*සමාජ වගකීම සහ උපකාරක සේවා මගහැරීම: දිවි තොර කරගැනීමට පෙළඹෙන පුද්ගලයෙකු ඉන් මුදා ගැනීමට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ ඔවුන්ට ක්ෂණිකව මානසික සහාය ලබා දීමයි. එහෙත් මෙම පුවත් වාර්තා කිරීමේදී 1926 (ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය) හෝ වෙනත් හදිසි උපකාරක අංක (Helplines) පළ කිරීමට අපොහොසත් වී ඇත.

වත්මන් ව්‍යසනය හමුවේ පීඩාවට පත් ජනතාවගේ මානසික යහපැවැත්ම ආරක්ෂා කිරීම මාධ්‍යයේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුය. මෙවැනි සංවේදී පුවතක් වාර්තා කිරීමේදී, හුදු තොරතුරු ලබාදීමෙන් ඔබ්බට ගොස්, විපතට පත්ව සිටින මිනිසුන්ට ජීවිතය දෙස ධනාත්මකව බැලීමට රුකුලක් වන පරිදි උපකාරක අංක පළ කිරීම අත්‍යවශ්‍ය සමාජ මෙහෙවරකි.

උපකාරක අංකයක් පළ කරමු. ජීවිතයක් රැක ගනීමු.

*1333-CCCline
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0112682535, 0112682570, 0112818860
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926

මේ ගැන තවදුරටත් දැනගන්න,මේ ලින්ක් එකට පිවිසෙන්න.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This