Ethics Eye

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සම්බන්ධයෙන් විමර්ශනාත්මක පුවතක් අරුණ පුවත්පතේ (සැප්තැම්බර් 03, 2025) සඳහන් වී තිබුණේ මෙසේය.

* සිරස්තලය – “කිරිබත්ගොඩ මත්ලෝලියාට මහේස්ත්‍රාත්ගෙන් තරයේ අවවාද”

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යනු සංකීර්ණ කරුණු සමුදායක් හේතු කරගෙන සිදුවන, සුව කළ හැකි තත්ත්වයක් මිස, හුදු මත්ද්‍රව්‍ය සඳහා ලොල් වීමක් නොවේ.

එසේ නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හැඳින්වීමට ඇතැම් විට මාධ්‍ය භාවිත කරන “මත්ලෝලී”, “මතට ලොල්” වැනි යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදි අදහසක් සමාජගත නොවන්නේ දැයි පාඨක අප ඇසිය යුතුයි.

ඒ අනුව, මෙම සිරස්තලය සඳහා “මත්ලෝලී”යනුවෙන් පවසනවාට වඩා, “මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හෝ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවන්” යනුවෙන් සඳහන් වූයේ නම් එය වඩාත් උචිත නොවන්නේ ද?

මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව වඩාත් වගකීමෙන් වාර්තා කරමු! 

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This