Ethics Eye

විසි වසරක් විදේශගතව සිටි තම විවාහක සැමියා ආපසු දිවයිනට පැමිණෙන විට 17 වියැති දරුවකු සමග පැමිණීමේ සිත් තැවුල නිසා කාන්තාවක් දිවි අහිමි කරගැනීමේ පුවතක් 2025 සැප්තැම්බර් 01 දින මව්බිම පුවත්පතේ පළ කර තිබුනි.

එම පුවත තුල දිවි තොර කරගත් ආකාරය පුවත තුල දෙවතාවක්ම දීර්ඝ ලෙස සඳහන් කර තිබිනි. ඒ තුලින් තවත් මේ හා සමාන අනුකාරක සිදුවීම් වලට අවකාශ සැලසීමක් විය හැක. සිය දිවි නසා ගැනීමට ඇති හේතුව සරල කොට නොදැක්වීමද වැදගත් වේ. මන්ද එය සංකීර්ණ දිවි තොර කරගැනීමක් පිළිබඳ හේතුව සරල නොකළ යුත්තේ එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලයක් වන බැවිනි.

තවද මෙම පුවත සමඟ හදිසි උපකාරක අංක සඳහන් කර තිබුණේ නම් තවත් ජීවිතයක් බේරාගැනීමට එය උපකාරයක් වනු ඇත. දිවි තොර කර ගැනීම් වැළැක්වීමේ හදිසි උපකාරක අංක මගින්, ඊට නැඹුරුතාවයක් ඇති අයෙකුට අවශ්‍ය උපදේශනය ලබා දීමටත්, ඒ ඔස්සේ එම තැනැත්තාගේ ජීවිතය බේරා ගැනීමටත් ඉඩක් ලැබිය හැක.

උපකාරක අංක පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

*CCCline – 1333
* ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This