Ethics Eye

“රුවැති/රූමත්” අදාළද? අවශ්‍යද?

පුවත: ලිංගික සේවයේ නියුතු වූ සහ එයට යොදවනු ලැබූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම.

මෙවැනි සිදුවීමක් වාර්තා කිරීමේදී, “රූමත්”, “රුවැති” හෝ “රූමතියන්” යනුවෙන් හැඳින්වීමේ අදාළත්වය සහ අවශ්‍යතාව පිළිබඳව බරපතල ගැටලු පැන නගී.

මෙම ප්‍රවෘත්තියේ හරයාත්මක වටිනාකම රැඳී ඇත්තේ අත්අඩංගුවට පත් කාන්තාවන්ගේ ශාරීරික පෙනුම මත නොව, ඒ හා බැඳුණු සමාජ-නීතිමය ගැටලු මතය.

මෙම කාන්තාවන් බලහත්කාරයෙන් හෝ ආර්ථික අපහසුතා වැනි පීඩනයන් මත මෙම වෘත්තියට යොමු වූවන්ද යන කාරණා වෙනුවට ඔවුන්ව රූමතියන් ලෙස හැඳින්වීම ගැටලුකාරී වන්නේ ඇයි?

“රූමත්/සුරූපි” යන්න යෙදූ සැනින්, පාඨක අවධානය මෙම ගැඹුරු කරුණු වලින් ඉවත් වී,ඒ වෙනුවට එය හුදෙක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන තොරතුරක් බවට පත් විය හැක.

මෙවැනි වාර්තාකරණැයක මගින්;

-සිදුවීමට අනවශ්‍ය වර්ණ ගැන්වීමක් එක් කරයි.
-එම තත්වයට මුහුණ දුන් අය තවත් අපහසුතාවට හා අපකීර්තියට පත් කරයි.

වගකීම් සහගත වාර්තාකරණයක නියැලෙමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This