සෑම විටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!
මේ වන විට ආබාධ සහිත වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී යෝග්‍ය භාෂාවක් ලෙසින් ලෝකයේ පිළිගැනෙන භාවිතයක් වන්නේ, අදාළ ආබාධය පුවතට අදාළ වේ නම්, පුද්ගල-ප්‍රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්‍යතාවය-ප්‍රථම භාෂාවක් (identity first language) ඔස්සේ එම අය හැඳින්වීමයි.
ඒ අනුව, යම් අයෙකු “ආබාධිත පුද්ගලයෙකු (A disabled person)” ලෙසින් හඳුන්වා නොදී, ඒ වෙනුවට එම අය “ආබාධ සහිත පුද්ගලයෙකු (A person with a disability)” ලෙසින් හැඳින්වීම වඩාත් යෝග්‍ය නොවේ දැයි අපට විමසිය හැක. එනම් මෙහි අදහස වන්නේ ඒ පුද්ගලයා පළමුව පැමිණෙන බවත්, ඔහුගේ ආබාධ දෙවන තැන ගන්නා බවත් වේ.
මේ ඔස්සේ බලාපොරොත්තු වන්නේ ආබාධ සහිතව ජීවත් වන අයව කොන් කිරීම, නැතිනම් ඔවුන්ව වෙනස් කොට සැලකීම වැළැක්වීමයි.
මෙම පසුතලය යටතේ, ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ජාත්‍යන්තරව පිලිගත් පතුල පහළ බස්රථ දහයක් ගෙන්වීමේ පුවත ජනවාරි 08,2026 දින ලංකාදීප පුවත්පතේ සිරස්තලයක් තුළ වාර්තා කොට ඇති අන්දම සලකා බැලිය හැක.
*ලංකාදීප – “ආබාධිතයන් වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් පතුල පහළ බස් 10ක් ගෙන්වනවා.ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී කියයි.”
මෙය භාෂාවේ ඇති සියුම් වෙනසක් පමණක් යැයි යමෙකු තර්ක කළ හැකි වුවත්, ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධ සමාජ ආකල්ප වෙනස් කිරීමෙහි ලා මෙම පුද්ගල-ප්‍රථම භාෂාවක් කෙතරම් වැදගත් වේදැයි පාඨක අප විමසිය යුතුයි.
ඒ අනුව, මෙහි “ආබාධිත සහ දෘශ්‍යාබාධිත “යන්න වෙනුවට “ආබාධ සහිත”, “දෘශ්‍ය ආබාධ සහිත”යනුවෙන් සඳහන් කිරීම වඩාත් යෝග්‍ය නොවන්නේද?
ආබාධ සහිත පුද්ගලයින් හැඳින්වීමට සෑමවිටම පුද්ගල-ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!


0 Comments