නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 22.02.2025 වෙනුවට 22.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.
ශ්‍රම දායකත්වය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය පැවතිය යුතු බව වර්තමානයේ අවිවාදාත්මකව පිළිගත් කරුණකි. එබඳු පසුබිමක, කාන්තාවන්ට මෙතෙක් අහිමිව තිබූ වෘත්තීය අවස්ථා පිළිබඳව මාධ්‍ය මගින් අවධානය යොමු කිරීම ප්‍රශංසනීය වේ. ගිනි නිවන සේවයට කාන්තාවන් බඳවා නොගැනීම පිළිබඳව ‘අරුණ’ පුවත්පතේ පළ වූ ලිපිය ද එවැනි ධනාත්මක උත්සාහයකි. කෙසේ වෙතත්, එම ලිපිය තුළ කාන්තාවන් විස්තර කර ඇති ආකාරය පිළිබඳව ගැටලු කිහිපයක් පැන නගී:
සිරස්තලය තුළ යොදා ඇති “ගිනි තියන හමුදාවෙ හිටියට…කාන්තාව” වැනි යෙදුම් මගින් කාන්තාවන් යනු සැමවිටම ආරවුල් හෝ ගැටුම් ඇති කරන පිරිසක්ය යන පටු ලිංගික මතිමතාන්තරය (Gender Prejudice) වක්‍රව සමාජගත නොකෙරෙන්නේ ද? මෙවැනි වාර්තාකරණයක් හරහා කාන්තාවන් නව වෘත්තීන් සඳහා දිරිමත් කිරීම වෙනුවට ඔවුන් පිළිබඳ පවතින සමාජ අගතීන් තවත් තහවුරු නොකරන්නේ ද?
“වළලු දැමූ සිනිඳු අත්”: කාන්තාවන් යනු “සියුම්” සහ “මෘදු” කාර්යයන් සඳහා පමණක් සුදුසු කොටසක් ලෙස නිරූපණය කිරීම තුළින්, ඔවුන්ගේ ශාරීරික සහ මානසික ශක්තිය මෙන්ම වෘත්තීය නිපුණතාවය ද අවතක්සේරු විය නොහැකි ද?
කාන්තාවන් පිළිබඳ පවතින සාම්ප්‍රදායික ඒකාකෘති තවදුරටත් තහවුරු කිරීමෙන් වැළකෙමු!


0 Comments