විදුලිය බිඳ වැටීමට හේතුව වඳුරෙක්ද?
පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එදින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් තුළ, මෙසේ දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිවද උපුටා දක්වමින් පහත පරිදි ආවරණය කර තිබිණි....
රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් දැක් වූ අදහස්
රජය විසින් මහ කන්නයේ වී මිලදී ගන්නා සහතික මිල, පෙබ. 05, 2025 දින නිවේදනය කරන්නට යෙදිණි. මේ අතර රජයේ සහතික මිල සම්බන්ධයෙන්, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ද අදහස් දක්වන ලදී. අනුරාධ තෙන්නකෝන් විසින්, වී සඳහා ලබා දුන් සහතික මිලට එකඟ වන බව පවසන දර්ශන විවිධ...
රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම
රජය විසින් සහතික මිලට වී මිලදී ගැනීම ආරම්භ කිරීම, ගොවීන් විසින් වී අලෙවි කර ඇත්තේ කාහටද යනාදී, වී අලෙවිය සම්බන්ධ කරුණු පිළිබඳව, පෙබ. 06, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ ආවරණය වී තිබිණි. එහිදී විවිධ රූපවාහිනී නාලිකාවන් හි ප්‍රධාන පුවත්...
රජය වී සඳහා අවම මිල ප්‍රකාශ කරයි.ගොවීන් හා ගොවි සංවිධාන දැක් වූ අදහස්
මෙවර මහ කන්නයේ වී, රජය විසින් මිලදී ගන්නා සහතික මිල පෙබ. 05, 2025 දින ප්‍රකාශයට පත් කෙරිණි. එසේම වී මණ්ඩලයෙන් වී මිලදී ගනු ලබන සහතික මිලක් රජය විසින් නියම කිරීම සම්බන්ධයෙන්, ගොවීන් සහ ගොවි සංවිධාන ද අදහස් දක්වා තිබිණි. ඒ අතර ධනාත්මක අදහස් මෙන්ම සෘණාත්මක අදහස් දක්නට...
යාපනයේ පැවති නිදහස් සැමරුම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත් වූ විරෝධතාව
පෙබරවාරි 04, 2025 දින ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් යාපනයේ ද නිදහස් දින උත්සව පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් නිදහස් දිනයට විරුද්ධව කළු කොඩි ඔසවා විරෝධතාවය දැක්වීමක් සංවිධානය කර තිබූ බව ද එසේම මාධ්‍ය තුළින් වාර්තා...
ජනපති උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවය
ජනපති අනුර කුමාර දිසානායක උතුරේ සංචාරයේ නිරතව සිටියදී, යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම යාපනය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට, උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවයක...
ඇගේ ඡායාරූපය අවශ්‍යද?
රත්නපුර ඇලපාත ප්‍රදේශයේ සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමට තැත් කිරීම මාධ්‍ය තුළත්, සමාජ මාධ්‍ය තුළත් අවධානයට ලක්වී තිබිණි. මෙය වාර්තා කළ මාධ්‍ය තුළ, ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරය, අපි මින් පෙරද පෙන්වා දී...
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
ඝාතන-දිවි තොර කර ගැනීම් සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දුලබ සිදුවීම් ලෙස හැඳින්වේ. එසේ වුවද, මාධ්‍ය තුළත්, සමාජය තුළත්, ඝාතන දිවි තොර කර ගැනීම සඳහා සාපේක්ෂව ඉහළ අවධානයක් ලැබෙන බව නොසලකා හැරිය නොහැක. එනිසාවෙන්ම, අනුකාරක සිදුවීම් සඳහා මග පෑදීම වැළැක්වීම උදෙසා, ඝාතන-දිවි තොර...
ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!
ශ්‍රී ලාංකික දේවගැතිවරයෙකු විසින් බාලවයස් අපයෝජනයන් සිදුකිරීම සම්බන්ධ විශේෂාංග ලිපියක්, දිවයින ඉරිදා සංග්‍රහය (ජන. 26, 2025) තුළ පළ වී තිබුණේ පහත ආකාරයෙනි. එසේම, මෙම පුවත, The Guardian විසින් වාර්තා කොට තිබූ ආකාරයද, සන්සන්දනාත්මකව පහත ලෙසින් දැක්විය හැක. ඔබ සිතන ලෙසට,...
සමය වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව කොන් නොකරමු!
සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් ඉපයීමේ මාර්ගයන්ගෙන් එකකි. එම පසුතලය තුළදී, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සමය වර්ණය පදනම් කර ගනිමින් කොන් කිරීමට ලක් කිරීමේ ආකල්පයක් සමාජය තුළ මුල් බැස නොගැනීම වැදගත් වේ. එහිදී විදෙස් සංචාරකයින් හැඳින්වීමට මාධ්‍ය...
“සුරූපී” – අවශ්‍ය ද? අදාළ ද?
ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවන සිරකරු හුවමාරුව යටතේ, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම, හිරු මාධ්‍ය ජාලයේ හිරු නිව්ස් වෙබ් අඩවිය සහ, හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කරන්නේ මෙලෙසිනි. * හිරු නිව්ස් වෙබ් අඩවිය...
රජයේ වී සහතික මිල ප්‍රමාද වීම ගැන ගොවි සංවිධාන අප්‍රසාදය පළ කරයි.
වී සඳහා රජය තවමත් සහතික මිලක් නියම කොට නොතිබීම හේතුවෙන්, පෞද්ගලික අංශ ඉතා අඩු මුදලට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බවට රජයට චෝදනා එල්ල කරන ගොවි සංවිධාන, වී සඳහා සහතික මිලක් කඩිනමින් නියම නොකළහොත්, ඒ සඳහා අරගලයක් දියත් කරන බවට අනතුරු හඟවා සිටී. මෙම පුවත, ජන. 26, 2025 දින...
වරද බාලවයස් දරියගේද? තරුණයාගෙද?
ඔක්කම්පිටිය පොලිස් වසමේ පහළගම ප්‍රදේශයේ බාලවයස් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ තරුණයෙකු පිළිබඳ පොලිස් පරීක්ෂණ ඇරඹුණු බවට පුවතක්, දිවයින සහ දිනමිණ පුවත්පත් (ජන. 24, 2025) තුළ දක්නට ලැබිණි. * දිවයින සිරස්තලය - "කනේ අමාරුවක් බව පවසා නිවසේ සිටි දැරිය මව එන...
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
විවෘත වරෙන්තුවකට අනුව, මරදාන පොලිසිය විසින් ජනවාරි 21, 2025 දින රාත්‍රී අත්අඩංගුවට ගත් කාන්තාවක්, ජනවාරි 22, 2025 දින අළුයමදී පොලිස් අත්අඩංගුවේ සිටියදීම දිවි තොර කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර සිටී. මෙම පුවත දිවයින සහ අරුණ පුවත්පත් (ජනවාරි 23, 2025) තුළත්, අද දෙරණ සහ...
‘සුද්දා’ නවත්වමු!
පුවත - රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය ගෙන ආ විදේශිකයෙකු ගුවන් තොටුපොළැ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනී ඇත. ජනවාරි 22, 2025 මව්බිම සහ දිනමිණ මෙය වාර්තා කරයි. * මව්බිම සිරස්තලය - ""හෂීෂ්" සහ "කුෂ්" ගෙනා සුද්දා කටුනායකදී කොටු"* දිනමිණ...
ලිංගික අපයෝජනයක් යනු “අමුතු පාඩමක්” නොවේ!
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසලක සිසුවියකට ලිංගික අතවරයක් කළ බවට පැවසෙන ගුරුවරයෙකු සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇති බව දිවයින (ජන. 20, 2025) පුවතක දැක්වෙන්නේ මෙසේය. * සිරස්තලය - "10 වසරේ සිසුවියට අමුතු පාඩම් කියා දුන් සියඹලාණ්ඩුවේ ගුරා සොයා මෙහෙයුම්" ඔබ දකින ආකාරයට, 1)...
‘ජාවාරමා’ මාධ්‍යයට උචිතද?
මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කර තිබූ පුවත්පත් තුනක පුවත් වාර්තාවන් හතරක් දැක්වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක. * පුවත් හතරේම සිරස්තල තුළ "ජාවාරමා", "ජාවාරමෙක්" යනුවෙන් සඳහන් වේ. * දිනමිණ සහ ලංකාදීප පුවත් අන්තර්ගතයන් හි "සැකකරුවකු", "ජාවාරම්කරුවකු" ලෙසින් සඳහන් වන...
එකම පුවතක්,එකම පිටුවක්,එකම ලේබල් කිරීමක් !
යම් වරදක් සඳහා ගුරු වෘත්තියෙහි නියැළෙන්නෙකු සම්බන්ධ වූ විට, එවැනි පුවතක් වාර්තා කිරීමේදී, ඇතැම් පුවත්පත් බොහෝ විට "ගුරා" යන යෙදුම භාවිතා කරනු දැකිය හැක. අප මින් පෙරද විමසා ඇති ආකාරයට, සැකකාර අය හෝ වරදකරුවා ගුරුවරයෙකු නම්, එම තැනැත්තාව "ගුරුවරයා"/"ගුරුවරිය" ලෙසින්...
සමාජ ගැටලුවක්,ලිපියක් සහ කාටූනයක්
"හනිමූන් ගිය සුද්දා හොරෙන්ම මාරු වෙලා, රට පනින්න සුද්දෝ බඳින්නේ පරිස්සමෙන්" යන සිරස්තලයෙන් යුතුව සති අග අරුණ පුවත්පතේ (ජනවාරි 19, 2025) පළ වී ඇති ලිපියකි. මෙම ලිපිය තුළ කාටූනයක් ද පළ වී තිබිණි. වෙනත් රටකට යෑමේ අරමුණින් ඇතැමුන් විදේශිකයින්ව විවාහ කර ගැනීමත්, කුමන හෝ...
උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!
ජනවාරි 19, 2025 දින පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ දී දිවි තොර කර ගැනීමට ඇති යැයි සැක කෙරෙන තරුණ යුවලකගේ සිරුරු සොයාගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කොට ති මෙම පුවත වාර්තා කරන රූපවාහිනී සහ පුවත්පත් මාධ්‍ය තුළ, දිවි තොර කර ගැනීම් වාර්තා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය,...
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.
Contact information
Verité Media, Verité Research Pvt. Ltd
No. 5A, Police Park Place,
Colombo 00500
Email: media@veriteresearch.org
Phone: +94 76 148 8544
© Verité Research Private Limited. All Rights Reserved.




















