Reporting on Sex Crimes
පල්ලේගම හේමරතන හිමියන් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමට සැක පිට පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් 2026 මැයි 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ පුවත.(2026 මැයි 11 දින පළවූ තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරිණි.)
ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!
"නරක වැඩ" ද? ලිංගික හිරිහැර ද? කතරගම පිහිටි විහාරස්ථාන භූමියකදී දරුවන්ට හා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට හිමි නමක අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත (පෙබ. 19, 2025) වාර්තා කර තිබිණි. 1) පුවතක මුලින්ම ග්‍රහණය වන සිරස්තලය තුළ "නරක වැඩ" යන්න යෙදීම...
ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!
ශ්‍රී ලාංකික දේවගැතිවරයෙකු විසින් බාලවයස් අපයෝජනයන් සිදුකිරීම සම්බන්ධ විශේෂාංග ලිපියක්, දිවයින ඉරිදා සංග්‍රහය (ජන. 26, 2025) තුළ පළ වී තිබුණේ පහත ආකාරයෙනි. එසේම, මෙම පුවත, The Guardian විසින් වාර්තා කොට තිබූ ආකාරයද, සන්සන්දනාත්මකව පහත ලෙසින් දැක්විය හැක. ඔබ සිතන ලෙසට,...
ලිංගික අපයෝජනයක් යනු “අමුතු පාඩමක්” නොවේ!
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසලක සිසුවියකට ලිංගික අතවරයක් කළ බවට පැවසෙන ගුරුවරයෙකු සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇති බව දිවයින (ජන. 20, 2025) පුවතක දැක්වෙන්නේ මෙසේය. * සිරස්තලය - "10 වසරේ සිසුවියට අමුතු පාඩම් කියා දුන් සියඹලාණ්ඩුවේ ගුරා සොයා මෙහෙයුම්" ඔබ දකින ආකාරයට, 1)...
අමුතු/කැත වැඩ වෙනුවට ලිංගික අතවරය?
ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක්...
මෙම සිරස්තල තුලින් අපරාධයට ලක්වූ දැරියව විනිශ්චයකට ලක් කරන්නේද?
"ගැබ්ගැන්වීම" යන වචනය කැමැත්තෙන් සිදුවූ ක්‍රියාවක් ලෙස වැරදි අර්ථකථනයක් ලබා දිය හැකියි. 14 හැවිරිදි දැරියකට මෙවැනි දෙයක් සිදුවූ විට, එය ලිංගික අපරාධයක් මිස, ඇයගේ කැමැත්තෙන් සිදුවූවක් නොවේ. එසේ තිබියදී "ගැබ්ගැන්වීම" ලෙස වාර්තා කිරීමෙන්, සිදුවීමට දැරියගේ යම් සම්බන්ධයක්...
එකම පුවතක්,වාර්තාකරණයන් දෙකක්
එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත:...
”කෙලෙසූ” වෙනුවට ”අපයෝජනය” කළ?
බාලවයස්කාර දියණියක් බරපතල ලෙස අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ පුද්ගලයෙක් වසර 60ක සිරදඬුවමක් නියම කිරීමේ පුවතක් ජූනි 27, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත: මව්බිමසිරස්තලය: "ළදරු පාසල් දැරියක කෙලෙසූ 68 හැවිරිදි බාප්පා...
ඔබ තෝරගන්නා වාර්තාකරණය?
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටිය දී වෛද්‍යවරියක් බරපතළ ලිංගික අපරාධයකට මුහුණ දුන් බවට පැවසෙන සිදුවීමේ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට අදාළ වෛද්‍යවරිය නොපැමිණීම හේතුවෙන් පෙරෙට්ටුව කල් තැබීමේ පුවත, ලංකාදීප, දිවයින, මව්බිම සහ අරුණ පහත පරිදි වාර්තා කර තිබිණි....










