Women Negative Highlighting Reporting
එක් පුවතක්,පුවත්පත් දෙකක්,ගැටලු දෙකක්.
2026 ජුනි 22 තෝරාගත් සිංහල පුවත්පත් ඇසුරින්. වගකීම් සහගත වාර්තාකරණයක් වෙනුවෙන් පෙළගැසෙමු!
කාන්තාව “කෑල්ල” ලෙස හැඳින්වීම ඔබ අනුමත කරනවාද?
එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාවන් පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ.
ලංකාදීප පුවත්පත තුළ (සැප්තැම්බර් 9, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක. සිරස්තලය: "ලුනාවේ ගෑනු 11ක් ජයටම සූදු කෙළලා"අන්තර්ගතය: "සූදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවෝ එකොළොස් දෙනෙකු ඇතුළු පහළොස් දෙනෙකු" යම් වරදක් සම්බන්ධයේදී කාන්තාවන් පමණක්...
කාන්තාව විශේෂ කර දැක්විය යුතුද?
කෑගල්ල බන්ධනාගරයට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට තැත්කල පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳ පුවතක් අද දින (2025.10.09) අරුණ පුවත්පතේ මෙසේ දක්වා ඇත. එකම වරදකට කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම අත්අඩංගුවට ගත් අවස්ථාවකදී, මෙසේ කාන්තාව පමණක් විශේෂ කොට දක්වන්නේ ඇයි? එම සැකකරුවන්ගේ ස්ත්‍රී...
කාන්තාවන් පමණක් ඍණාත්මක ලෙස හුවා නොදක්වමු!
"කතක් මාට්ටු": පුවත් සිරස්තලයක සැඟවුණු අගතිය 2025 දෙසැම්බර් 17 වන දින දිනමිණ පුවත්පතේ පළ වූ මොරටුවේ දේපළ සොරකමක් පිළිබඳ පුවතක සිරස්තලය හරහා හඳුනාගත හැකි ප්‍රධාන ගැටලු දෙකක් මෙසේය. 01. කාන්තාව පමණක් සෘණාත්මක ලෙස ඉස්මතු කිරීම සොරකමකට සම්බන්ධ වූ පිරිස අතර පිරිමි සහ...
උස්වැටකෙයියාවේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට
උස්වැටකෙයියාවේ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බව රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශයන් පහත පරිදි වාර්තා කරයි. ඔබ සිතනා ලෙසට, 1) එකම සිදුවීමක් සඳහා සැක පිට 8 දෙනෙකු අත්අඩංගුවට ගැනී තිබෙන පසුබිමක, එම සැකකරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයන් මෙම පුවතට...
නිවැරදි කිරීමයි: මෙහි සඳහන් දිනය 22.02.2025 වෙනුවට 22.02.2026 ලෙස කියවිය යුතුය. ප්‍රමාද දෝෂය ගැන අපගේ කණගාටුව.
ශ්‍රම දායකත්වය තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය පැවතිය යුතු බව වර්තමානයේ අවිවාදාත්මකව පිළිගත් කරුණකි. එබඳු පසුබිමක, කාන්තාවන්ට මෙතෙක් අහිමිව තිබූ වෘත්තීය අවස්ථා පිළිබඳව මාධ්‍ය මගින් අවධානය යොමු කිරීම ප්‍රශංසනීය වේ. ගිනි නිවන සේවයට කාන්තාවන් බඳවා නොගැනීම පිළිබඳව 'අරුණ'...










