Ethics Eye

දූෂණය වෙනුවට අපයෝජනය

බාල වයස් දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකුට වසර 14ක සිරදඬුවමක් නියම කිරීමේ පුවත 2025 ඔක්තෝම්බර් 01, වන දින සිංහල පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි.

*පුවත්පත: අරුණ

සිරස්තලය: ”හැංගිමුත්තම් සෙල්ලම් කරමු යැයි කියා අට හැවිරිදි දැරිය දූෂණය කළ PCට වසර 14ක සිරදඬුවමක්” (අපයෝජනය කිරීමක් යැයි පුවත් අන්තර්ගතයේ දැක්වේ).

*පුවත්පත: මව්බිම

සිරස්තලය: “දුව එක්ක සෙල්ලම් කරන්න ආ දැරිය අපයෝජනය කළ පොලිස් පියාට වසර 14ක සිර දඬුවම්”

මෙලෙස ලිංගික අපයෝජනයකට ලක්වූ අයෙකු අපවිත්‍ර වී ඇති බවට හැඟීමක් ජනිත කරවන, “දූෂණය” වැනි යෙදුම් භාවිතය උචිත නොවන අතරම, ඒ වෙනුවට ”ලිංගික අතවර, ලිංගික අපයෝජනය, ලිංගික අපරාධය” වැනි වදන් භාවිතය වඩාත් යෝග්‍ය වේ.

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This