Media Ethics
2025 වර්ෂය තුළ වැඩි වශයෙන්ම උල්ලංඝනය වී තිබූ මාර්ගෝපදේශ තුන
එක් පුවතක්, ගැටලු දෙකක්
පහත දැක්වෙනුයේ 2026 ජනවාරි 09 වන දින ලංකාදීප පුවත්පතෙහි, බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්යස්ථානයක් වටලා සංචාරක වීසා මත මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ලිංගික සේවා සැපයීමේ යෙදී සිටි තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා එහි කළමණාකාරු ඇතුළු තිදෙනෙකු...
දිවි තොර කර ගැනීම් වගකීමෙන් වාර්තා කරමු!
දිවි තොර කරගැනීම් පිළිබඳ පුවත් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීමේ පුවත් දිනපතා පාහේ මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේ. එබැවින් සියදිවි තොර කරගැනීම් පිළිබඳ තිබෙනා මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධ මාර්ගෝපදේශවලට අනුව දිවි තොර කරගැනීම් සහ දිවි තොර කරගැනීමට තැත් කිරීම් පිළිබඳව...
ගැටලුව: පුවත් වාර්තාකරණයේදී “ගණිකා” වැනි යෙදුම් භාවිත කිරීමෙන් පුවත භාවාතිශය (Sensationalism) කිරීමක් සිදු වේ . මෙවැනි භාවිතයන් නිසා පුවතේ සැබෑ තොරතුරු යටපත් වී, අදාළ පුද්ගලයන් දැඩි සමාජ අපවාදයකට (Stigmatisation) ලක් විය හැක.
විසඳුම: ලිංගික ශ්රමිකයින් පිළිබඳ වාර්තා කිරීමේදී අවමන් සහගත නොවන සහ සදාචාරාත්මක විනිශ්චයන්ගෙන් තොර භාෂාවක් භාවිත කරමු. නිරවද්ය පද භාවිතය පුවතක වෘත්තීය වටිනාකම තහවුරු කරයි. වාර්තාකරණය B මීට නිදසුනක්...
ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ වගකීම් සහගත වාර්තාකරණයක නියැළෙමු!
වගවීම සහ විනිවිදභාවය ප්රමුඛ කරගත් සදාචාරාත්මක මාධ්යකරණයක නිරත වෙමු.
විද්‍යා දැරියගේ ඝාතකයින්ගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි: දැරියගේ ඡායාරූප පළ කිරීමට අවශ්‍යද?
YouTube වෙත එක් කොට ඇති 2026, මැයි 06 දින තෝරා ගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි....
ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!
"නරක වැඩ" ද? ලිංගික හිරිහැර ද? කතරගම පිහිටි විහාරස්ථාන භූමියකදී දරුවන්ට හා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට හිමි නමක අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත (පෙබ. 19, 2025) වාර්තා කර තිබිණි. 1) පුවතක මුලින්ම ග්‍රහණය වන සිරස්තලය තුළ "නරක වැඩ" යන්න යෙදීම...
විදෙස් ජාතීන් හැඳින්වීමට කොන් කරන සුළු යෙදුම් භාවිතා නොකරමු!
චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට "චීනා" සහ "චීනුන්" වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ...










