ලෝක බැංකුව, ශ්‍රී ලංකා ආර්ථිකය ගැන දැක්වූ අදහස් රූපවාහිනී නාලිකා සිරත්තල තුළ වාර්තා වූයේ පහත පරිදිය. (YouTube වෙත එක්කොට තිබූ ඔක්තෝම්බර් 07, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන්...
ravishani
කාන්තාව විශේෂ කර දැක්විය යුතුද?
කෑගල්ල බන්ධනාගරයට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට තැත්කල පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳ පුවතක් අද දින (2025.10.09) අරුණ පුවත්පතේ මෙසේ දක්වා ඇත. එකම වරදකට කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම අත්අඩංගුවට ගත් අවස්ථාවකදී, මෙසේ කාන්තාව පමණක් විශේෂ කොට දක්වන්නේ ඇයි? එම සැකකරුවන්ගේ ස්ත්‍රී...
මෙම වාර්තාකරණයන් දෙකෙන් ඔබ තෝරාගන්නේ කුමක්ද?
බහු විවාහ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අධිකරණය මඟහැර සැඟව සිටි පුද්ගලයෙක් කිඹුල් ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීය. මෙම පුවත හිරු News වෙබ් අඩවිය (09/10/2025) සහ අරුණ පුවත්පත (10/10/2025) තුළ පහත පරිදි වාර්තා කර තිබුණි. මෙම වාර්තාකරණ...
සමලිංගිකත්වය විකෘතියක් ද?
පසුගිය දිනවල පැවති පොත් ප්‍රදර්ශනයේදී අලෙවි වූ කෘති දෙකක් පිළිබඳව ඉරිදා මව්බිම (2025/10/12) ලිපියක් පළ කර ඇත. එහි ගැටලුකාරී තැන් කිහිපයක් නිරීක්ෂණය කිරීමට තිබුනු අතර එයින් ප්‍රධාන ගැටලු දෙකක් පහත දැක්වේ. ගෝලීය විද්‍යාත්මක හා වෛද්‍ය ප්‍රජාවන් දශක ගණනාවකට පෙර සිටම...
ආදරය පෙන්වීමක් ද? අපහරණයක් ද?
මාධ්‍ය වාර්තාකරණයේ මූලිකම සදාචාරාත්මක මූලධර්මය වන්නේ "හානිය අවම කිරීම" යි. ලිංගික අපරාධයන්/අතවරයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු...
සියදිවි හානිකරගැනීම් සංවේදීව වාර්තා කරමු
පසුගිය දින කිහිපයේ සිදුවූ සියදිවි හානිකරගැනීම් පිළිබඳ සිදුවීම් දෙකක් 2025.10.14 දින අරුණ සහ දිවයින පුවත්පත් වලද, 2025.10.15 දින දිනමිණ සහ දිවයින පුවත්පත්වලද වාර්තා වී ඇති අයුරු පහතින් දැක්වේ. සියදිවි නසාගැනීම් වාර්තාකරණය ඉතාමත් සංවේදීව සහ සැලකිලිමත්ව කළ යුතුය. ඒ,...
අගතගාමී වාර්තාකරණයෙන් මිදෙමු!
මත් ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ඔත්තු සැපයුවා යැයි සැකයට කාන්තාවක් ලිංගික අතවරයට ලක් කිරීමට උපදෙස් ලබා දීමේ පුවතක් දිණමින සහ අරුණ පුවත්පත් (15/10/2025) වාර්තා කර තිබින. මෙම වාර්තාකරණයන් දෙකටම පොදු ගැටලුකාරී මෙන්ම ඒ ඒ වාර්තාකරණයන්ට ආවේනික වූ ගැටලුකාරී තැන්ද තිබිණ....
දිවි තොර කරගැනීමක් යැයි සැක පුවත් වුවද වගකීමෙන් වාර්තා කරමු!
බාල වයස් දැරියක් දිවි තොර කර ගත් යැයි සැක පුවතක් ඊයේ (15/10/2025 ) දෙරණ ප්‍රධාන පුවත් තුළ වාර්තා කර තිබිණි. මෙහිදී, * දිවි තොර කර ගැනීම සිදුවී ඇති ආකාරය දක්වා ඇත.* හදිසි උපකාරක අංක ඇතුලත් කර නැත.*දිවි තොර කර ගැනීමට සැක අයගේ ඡායාරූප පළ කර ඇත. දිවි තොර කර ගැනීම්...
සුදු කත ද? විදෙස් කත ද?
රූමස්සල ප්‍රදේශයේදී, විදේශික කාන්තාවකට මුහුණපෑමට සිදුවූ ලිංගික හිංසනයක් පිළිබඳව 2025.10.16 ලංකාදීප පුවත්පත පළ කර තිබිණි. එම පුවතේ සිරස්තලය තුළ එම විදේශික කාන්තාව "සුදු කත" යනුවෙන්ද අන්තර්ගතය තුල “විදෙස් කතක්” ලෙසද හඳුන්වා තිබිණ. විදේශිකයන්ව ඔවුන්ගේ සමේ වර්ණය පදනම්...
අගමැතිනි හරිනි අමරසූරියගේ ඉන්දීය නිල සංචාරය
අගමැතිනි හරිනි අමරසූරිය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය, ඇයගේ විවාහක අවිවාහක භාවය ඔස්සේ ඇයව හැඟවුම් කරනා "මෙනෙවිය" යන්න යොදාගැනීම කෙතරම් යෝග්‍ය ද යන්න අපි මින් පෙර කිහිප වරක්ම සංවාදයට බඳුන් කොට ඇත. කෙසේ නමුත්, ඇතැම් මාධ්‍ය නැවත නැවතත් අග්‍රාමාත්‍යවරිය...










